ලයිසන් එක හදන්න බොරලැස්ගමුව,වේරහැර මේ තැනට යන්න එපා - හේතුව මෙන්න

Report

බොරලැස්ගමුව , වේරහැර ප්‍රදේශවල ව්‍යාජ රියදුරු බලපත්‍ර සකසා මුදලට අලෙවි කරන සැකකරුවන් දෙදෙනෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් ව්‍යාජ රියදුරු බලපත්‍ර 11ක්, ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍ර 70ක්, ඒ සඳහා යොදාගත් ස්ටිකර් 10ක්, මොනිටරයක්, ලැප්ටොප් පරිගණකයක් සහ රබර් මුද්‍රා 4ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම වැටලීම නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ජි. ජේ. කහටදෙනියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර, විමර්ශනවල අනාවරණය වන්නේ සැකකරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අසලට පැමිණෙන පුද්ගලයින් මුලාකර, විනාඩි කිහිපයකින් රු. 5,000 සිට ඉහළ මිලට ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ තාවකාලික බලපත්‍ර විකුණා ඇති බවයි.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

එම ස්ථාන දෙකක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ අත්සන ව්‍යාජ ලෙස ඇතුළත් රබර් මුද්‍රාවක්ද භාවිතා කර ඇති බව හෙළි වී තිබේ. බොරලැස්ගමුව වේරහැර සහ කිරුළපන යන ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙන්න මේ පිරිසටත් රු.25000ක සහන මුදලක්

මෙන්න මේ පිරිසටත් රු.25000ක සහන මුදලක්