නාමල්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ
කාදිනල් හිමිපාණන්ට අපහාස වන ප්‍රකාශ සිදුකිරීම සහ කතෝලික ප්‍රජාව තුසිගන්වමින් ආගමික වෛරය ඇති කිරීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් කුමාරට එරෙහිව නිකුත් කර තිබේ.
ඊයේ (09) නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රධාන සැකකරු වන නාමල් කුමාර අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කළේය. නඩුවේ දෙවැනි සැකකරු වන අසේල නුවන් රාජපක්ෂ මහතා නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම සිද්ධිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR Act) යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් විමර්ශනය කෙරෙමින් පවතී. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරුවන් දෙදෙනා සිදුකළ ප්‍රකාශ ආගමික, වාර්ගික හා ජාතික වෛරය පතුරවන ස්වභාවයේ බවයි.
නඩුව ආරම්භ වූයේ ජාතික කතෝලික සන්නිවේදන කාර්යාලයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මතයි. සැකකරුවන් දෙන් දෙදෙනාම මීට පෙර CCDය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් කර තිබිණි.
දැන් නිකුත් වී ඇති වරෙන්තුවට අනුව නාමල් කුමාර මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව පොලිසිය නිවේදනය කරයි.