විශ්වවිද්‍යාල ගැන රජයෙන් තීරණයක්
යාපනය, කැලණිය, කොළඹ සහ වයඹ යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීම් වැඩ නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් සලසා දීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ව්‍යාපෘති රාශියක් හරහා ඉදිකිරීම් සිදු කරනු ලැබ ඇති අතර එකී ගොඩනැගිලි හා පහසුකම් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දැනටමත් භාවිත කර තිබේ.
නමුත් යාපනය, කැලණිය, කොළඹ සහ වයඹ යන විශ්වවිද්‍යාල සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයකට අදාළ ඉදිකිරීම් කටයුතු නියමිත කාලසීමාව තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත.
ඒ අනුව එකී ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමටත්, ඒ සඳහා යෝජිත පරිදි මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.