සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි
නම් කර ඇති පාසල් හැර, සෙසු සියලු පාසල් වල සිසුන් සඳහා මෙම දෙසැම්බර් 16 වැනිදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.
මෙවර තෙවන වාර විභාගය නොපැවැත්වෙන අතර, 11 ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක් පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.
අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ඉතිරි විෂයන් සඳහා විභාග ලබන වසරේ ජනවාරි 12 වැනිදා ආරම්භ වන අතර, ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පාසල් ආරම්භ දෙසැම්බර් 15 වැනිදා සිදු වන බව ලේකම්වරයා සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගය, සැලසුම් කර ඇති පරිදි, ලබන පෙබරවාරි මාසයේ පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍යයට සඳහන් කර තිබේ.