සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

Report

"ආරෝග්‍යා පරමා ලාභා" - නිරෝගීකම උතුම්ම ලාභයයි කිව්වේ මීට කාලෙකට ඉස්සර වුණත් තවත් ශතවර්ෂ ගණනාවක් යනකල් සමහර විට ජීවත් වෙලා ඉන්නකල් අපි හැමෝගෙම එකම ප්‍රාර්ථනය වෙන්නේ නිරෝගිකම.

හැබැයි කොච්චර ප්‍රාර්ථනා කළත් අද වෙන කොට බොහෝ දෙනා තුළ නැත්තෙත් නිරෝගීකම කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඒ නිසා තමයි ජීවත් වෙලා ඉන්නකල් කාලා බීලා සැපේ ඉන්න ඕනේ කියපු බහුතරයක් පිරිස වයසට යන්නත් කළින්ම ජිවිතේ හොඳම කාලේ ලෙඩ ඇඳන්වල ගෙවන්නේ. රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් වැඩක් නෑ කියනවනේ. ඒ නිසා තමයි ලෙඩක් දුකක් හැදුනු ගමන් අපි වෙදකම් හොයාගෙන යන්නේ.

එහෙම හොයන් යන ඕන කෙනෙක්ට බටහිර වෙදකමටත් එහා ගිහින් මතක් වෙන දෙයක් තමයි ආයුර්වේද වෙදකම කියන්නේ.

කොයිතරම් බටහිර වෙදකම් තිබුණත් අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත ගෙන එන ආයුර්වේද වෙදකම ගැන තාමත් මිනිස්සුන්ට තියෙන්නේ ලොකු විශ්වාසයක්.

අන්න එහෙම විශ්වාසය දිනපු තැනැක් තමයි සිද්ධාදී වෙද මැදුර කියන්නෙත්. සෙම, ඇඳුම, හතිය, ආතරයිටිස් ඇතුළු සියලුම හන්දි රෝග, අක්මා රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, කල්ගත නොවූ පිළිකා තත්ත්වයන් ,ඇස් රෝග ඩිමෙන්ෂියා වගේ මානසික රෝග තත්ත්ව, ස්නායු රෝග තත්ත්ව, අර්ශස් රෝග, අර්ශස් බගන්දරා තත්ත්ව ආදී ශරීරයේ ඇතිවෙන සර්වාංග රෝගවලින් වේදනාවෙන් ඉන්න සියලුම දෙනාට සුවයක් දෙන තැනැක් විදිහට තමයි බොහෝ දෙනාට සිද්ධාදී වෙද මැදුර සිහිපත් වෙන්නේ.

ඒ නිසාම අපි හිතුවා මේ වෙදකම ගැන ටිකක් හොයලා බලන්න.

ඒ සඳහා අපි සම්බන්ධ කර ගත්තා සිද්ධාදී වෙද මැදුරේ ආයුර්වේද වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි මහත්මියව.

ඇය උසස් අධ්‍යාපනයෙන් පසු පාරම්පරිකව වෛද්‍ය ක්‍රමය පිළිබඳ වසර දහයක පළපුරුද්දක් ඇති නාවින්න ආයුර්වේද වෛද්‍ය සභාවේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා පැවැත්වෙන විභාගයෙන් සමත්වී ඇති අතර මේ වන විට මෙම සිද්ධාදී වෙද මැදුරෙන් රෝගීන් දහදාහකටත් අධික ප්‍රමාණයක් සුව කර අවසන්.

ආයුර්වේද වෙදකමින් සුවවූවන් රැසක් සිටියත් මෙම ප්‍රතිකාරවලදී ඇතමුන් සුව වීමට යන කාලය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න මතු කිරීම ද දක්නට ලැබෙනවා.ඒ සම්බන්ධයෙන් ද අපි ඇගෙන් විමසා සිටියා.

"ආයුර්වේද නෙවෙයි ඕනෙම වෙදකමකින් සීයට සීයක් අපිට කියන්න බැහැ රෝගයක් සුවපත් වෙන්න යන කාලය ගැන. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් රෝගී තත්ත්වය අනුව මේ කාලය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අක්මා රෝගින් දෙන්නෙක් ගත්තම රෝගීන් දෙන්නගෙ තත්ත්ව දෙක දෙකක්. එක්කෙනෙක් ඉන්න පුළුවන් මුල් අදියරේ. අනිත් කෙනා ඉන්න පුළුවන් දෙවෙනි අදියරේ. එතකොට ඒකට රෝගියාගේ තත්ත්වය බලපානවා. දෙවෙනි එක තමයි රෝගියාගේ කැපවීම. ඒ කියන්නේ බෙහෙත් ටික ගෙනිච්චට මදි ඒ බෙහෙත් ටික හරියට කැපවීමෙන් ගන්න ඕනේ. කෑම වලින් පරිස්සම් වෙලා බෙහෙත් ටික නියමිත වේලාවට හරි ආකාරයෙන් බොන රෝගියා ඉක්මනට සුවපත් වෙනවා. එහෙම නැතුව බෙහෙත් ටික ගෙනියලා හරි වෙලාවට බොන්නෙ නැතුව, කෑම වලින් පරිස්සම් වෙන්නැති රෝගියා සුවපත් වෙන්න යන කාලය වෙනස් වෙනවා. ඊට අමතරව සමහර රෝගීන් ඉන්නවා ඔවුන් බෙහෙත් බොනවා පරිස්සමුත් වෙනවා, හැබැයි හරි වෙලාවට නැවත ප්‍රතිකාර සඳහා එන්නේ නැහැ. සති දෙකකට බෙහෙත් ගෙනිච්චොත් ආයේ සුමානෙකින් විතර තමයි එන්නේ. එතකොට අර රෝගය ආයේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා බෙහෙත් නැති වීමෙන්. අන්න ඔය වගේ කාරණා නිසා තමයි සුවපත් වන කාලය අපිට නිශ්චිතවම කියන්න බෑ. සමහර රෝගීන්ට අපි කියනවා මාස දෙකෙන් සුවපත් කරන්න පුළුවන් කියලා. හැබැයි රෝගියා අර විදිහේ අඩුපාඩුකම් ඇතුව ක්‍රියා කරනවනම් රෝගය සුවපත් වෙන කාලය වෙනස් වෙනවා. අනිත් එක තමයි අවුරුදු ගාණක් රෝගයකින් පීඩා විඳලා එක පාරට මේක සුව කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. එතකොට මාස හයක් හතක් විතර යනවා. සමහර වෙලාවට එක ලෙඩක් සුවපත් කර ගෙන යනකොට රෝගියාගේ වෛද්‍ය පරීක්‍ෂණ කරලා වාර්තා ගත්තහම සමහර විට තව ලෙඩක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අක්මා රෝගයකට ප්‍රතිකාර කරනකොට සමහර වෙලාවට අපි රෝගියාගේ වාර්තා ගෙන්න ගත්තහම සමහර වෙලාවට එයාට අක්මා රෝගයට වඩා දරුණු වකුගඩු රෝගයක් තියෙන්න පුළුවන් කාලයක් බෙහෙත් බීපු නිසා. එතකොට අපි අක්මා රෝගයත් එක්ක වකුගඩු රෝගයටත් බෙහෙත් කරන්න ඕන. එතකොට සුව වෙන කාලය වෙනස් වෙනවා. ඒ වගේ හේතු සාධක නිසා තමයි රෝගියෙකුට ප්‍රතිකාර කරන කාලය හරියටම කියන්න බැරි සහ රෝගියාගෙන් රෝගියාට සුව වෙන කාලය වෙනස් වෙන්නේ. මොකද සාමාන්‍ය හැඟීම් දැනිම් තියෙන මනුස්සයෙකුටනේ අපි ප්‍රතිකාර කරන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ තියෙන මානසික මට්ටම, සමාජීය මට්ටම, ආර්ථික මට්ටම, තියෙන කැපවීම අනුව රෝගය සුවපත් වීමේ කාලය වෙනස් වෙනවා. ඒක බටහිර වෙදකමක් වුණත් ආයුර්වේදී වෙදකමක් වුණත් එහෙම තමයි. රෝගය සුවපත් කිරීමේ කාලය හරියටම මේ දවස කියලා වෛද්‍යවරයා කිව්වත් අර කියපු බාහිර සාධක නිසා ඒක වෙනස් වෙනවා."

ඒ වගේම තමයි ඕනෑම රෝගයක් සුව කර ගැනීමට ප්‍රතිකාර, වෛද්‍යවරු මේ සියල්ලටම අමතරව රෝගියාගේ සැළකිල්ල, කැපවීමද අත්‍යාවශය කාරණාවක්. බොහෝ විට සුව වූ රෝගයක් පවා නැවත ඉස්මතු වීමට රෝගියාගේ පසු ක්‍රියාකලාපය බලපාන්න පුළුවන් බව පැවසූ ඇය,

" අනිවාර්‍යෙන්ම රෝගියාගේ පසු පරිස්සම වැදගත්. ඒ කියන්නේ අපි හිතමු ෆැටී ලීවර් තත්ත්වයක් කියලා. රෝගියා හොඳට සනීප වෙලා ඔක්කොම වෛද්‍ය වාර්තාත් අරගෙන, ඔක්කොම සාමාන්‍ය වුණාම අපි රෝගියාට උපදෙස් දීලා යවනවා මේ විදිහට පරිස්සම් වෙන්න, මේවා හොඳයි මේවා නරකයි කියලා. හැබැයි කොච්චර කීවත් ඊට පස්සෙ රෝගියා මත්පැන් වලට ආපහු පුරුදු වෙලා පුළුවන් තරම් තෙල් කෑම කාලා චර්යාවේ කිසිම සැලසුමක් නැතුව හිටියොත් අනිවාර්යයෙන් ඕනෙම ලෙඩක් හැදෙනවා. ඒ නිසා තමයි හැම වෙලාවෙම අපිට ස්වයං පාලනයක්, සහ ස්වයං විනයක් තියෙන්න ඕනේ කියන්නේ. රෝගයකින් සුව වුණා කියන එක මදි. තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ මේ දේවල් කෑවොත් හොඳයි මේ දේවල් කෑවොත් තමන්ගේ ශරීරයට මේ විදිහට බලපානවා කියන එක සම්බන්ධයෙන්. ස්වයං විනය සහ බුද්ධිමත්කමෙන් තමන්ට තේරුමක් තියෙන්න ඕනි කොහොමද තමන්ගේ ආහාර රටාව, දින චර්යාව, මානසික ආතතිය කළමනාකරණය කරගන්නේ කියලා. මේ දේවල් ගැන මනා අවබෝධයකින් කටයුතු කරනවා නම් ලෙඩක් සනීප වුණාට පස්සේ 99%ක් ම නැවත ඒ ලෙඩේ හැදෙන්නෙ නැහැ. හැබැයි ජානමය වශයෙන් එන රෝග නැවත එන්න ඉඩකඩ තියෙනවා."

ආයුර්වේද වෙදකම කිව්වම එය බොහෝ විට බටහිර වෙදකමින් වෙනස් වෙන්නේ පාවිචි කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවලින්. ඒ වගේම තමයි ආයුර්වේද බෙහෙත් වට්ටෝරු සැකසීම ලෙහෙසි පහසු කාර්යක් නොවෙයි. මේ බෙහෙත් වට්ටෝරු සපයා ගන්නා ආකාරය ද ඇය සඳහන් කළා.

"අපි බෙහෙත් හදන්න ගොඩක් වෙලාවට අපේ දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඊට අමතරව ඉන්දියාවෙන් සහ චීනයෙන් තමා ගොඩක් බෙහෙත් ද්‍රව්‍ය ගෙන්නන්නේ. ලංකාව තුළ සපයා ගත හැකි ප්‍රමාණය හරි අඩුයි. අනිත් එක ලංකාවේ බොහෝ දෙනා බෙහෙත් වර්ග හරියට අඳුරන් නැති නිසා ඒවගේ වටිනාකම නොදැන වල් පැළ කියලා හිතලා කපලා විනාස කරලා දානවා. ඊට අමතරව වන විනාශය නිසාත් බෙහෙත් වර්ග ගොඩක් අඩුයි ලංකාවේ. ඒ වගේම සමහර බෙහෙත් වර්ග ලංකාවේ හටගන්නෙ නැහැ. උදාහරණයක් විදිහට කටුකරෝසන වගේ බෙහෙතක්. ඒ වගේ බෙහෙත් ඉන්දියාවෙන් ගෙන්නන්න ඕනේ, ජින්සන් වගේ බෙහෙත් චීනෙන් ගෙන්නන්න ඕනේ. ඒ නිසා දේශීය බෙහෙත්වර්ගවලට වගේම මේ බෙහෙත් වර්ග සපයා ගැනීමේදීත් ලොකු වියදමක් යනවා. මොකද ඉස්සර වගේ අපිට ගෙවල්වල පොඩ්ඩක් හදලා බෙහෙත් හදන්න බැහැ. සමහර බෙහෙත් කිලෝ ගණන් අපිට ඕන වෙනවා. ඒ වගේම සමහර බෙහෙත්වලට අවුරුදු දෙක තුනක් යනවා සුදුසු ප්‍රමිතියට හැදෙන්න. ඒ වගේම සමහර බෙහෙත් ආනයනයේදී ලොකු බද්දක් ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. ඒ වගේ බෙහෙත් ගෙනාවහම අපිට නිකන්ම ලෙඩාට දෙන්න බැහැ. ඒවා හොඳට පිරිසිදු කරන්න ඕන. ඒ නිසා පස් සැරයක් වත් හෝදන්න වෙනවා. මොකද මේවා එවනකොට පිරිසිදු නැහැ. එතකොට අපි ප්‍රතිපත්තියක් වශයෙන් අනිවාර්යෙන්ම පස් සැරයක්වත් මේවා හෝදනවා. ඊට පස්සේ මේවා මුලින්ම අව්වේ වේලනවා. ඊට පස්සෙ යන්ත්‍ර උපයෝගී කරගෙන අපිට සුදුසු තත්ත්වය එනකල් වේලනවා. ඊට පස්සේ තමයි කොටන්නේ. කොටලා ඉවරවෙලා නැවත ඒවා වට්ටෝරුවලට සකසන්න ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රියාවලියේදී ලොකු බෙහෙත් ප්‍රමාණයක් අහක යෑමක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බිංකොහොඹ, බෙලිකොළ වගේ කොළ වර්ග තියෙනවා. කොළවර්ග කොහොමත් බර නෑනෙ. එතකොට ඒ වගේ කොළ වර්ගයකින් පව්ඩර් කිලෝ එකක් වගේ හදාගන්න කිලෝ තුන හතරක් විතර යනවා. එතකොට ලොකු වියදමක් යනවා එක කිලෝ එකක් හදාගන්න. ඒ විදිහට ඖෂධයක් පරිභෝජනයට සුදුසු තත්ත්වයට හදාගන්න ලොකු මහන්සියක් සහ වියදමක් දරන්න වෙනවා. ඊට අමතරව මේවා කරන්න අපිට සේවකයෝ ඕන වෙනවා. රෝගියෙක් ළඟට ඖෂධයෙක් ගේනකොට ඒක ලොකු ක්‍රියාවලියක්."

එවැනි විශාල පරිශ්‍රමයකට පසුව රෝගියා වෙත එන බෙහෙතක ඇති වටිනාකම කියන්නෙත් සැබවින්ම අවධානය ලැබිය යුතු කාරණාවක්. සමාජයේ ඇතමුන් තුළ තිබෙන මතයක් තමයි බටහිර බෙහෙත්වලට වඩා සිංහල බෙහෙත් ලාබයි කියන කාරණාව. එවැනි පසුබිමක සිද්ධාදී වෙද මැදුරේ බෙහෙත් මිල සම්බන්ධයෙන් ද ඇයගේ අවධානය යොමු වුණා.

"ගොඩක් අය හිතන්නේ සිංහල බෙහෙත් හරි ලාබයි කියලා. එහෙම නැහැ. කඩේකට ගිහින් බලන්න මේ බෙහෙත් කොච්චර ගණන්ද කියලා. කහ, ඉඟුරු වුණත් අපිට දේශීයව සපයා ගන්න එක හරිම අපහසුයි. දේශීයව අපිට අවශ්‍ය සුදුසු ප්‍රමිතියේ ඉඟුරු නැහැ. එතකොට අපි ඉන්දියන් ඉඟුරු වගේ ගන්නවා නම් ඒවා මිල අධිකයි. කහ වුණත් එහෙමයි. ලංකාවේ කහ ඉඟුරු හොඳ වුණාට අපේ රටේ හරියට ප්‍රමිතිකරණයක් නැහැ ඒවා වේලා ගැනීම සම්බන්ධයෙන්. ඒවට හරි විජලන ක්‍රම නැහැ. එතකොට අපි ඒ වගේ කහ, ඉඟුරු අරගත්තම අපිට කල්පවත්වා ගන්න බැහැ. මොකද අපි කිසිම කල්පවත්වන දෙයක් සහ කිසිම කෘතීම දෙයක් දාන්නේ නෑ මේ බෙහෙත්වලට. ඒ නිසා හොඳ ප්‍රමිතියක් සහිත බෙහෙතක් හදන කොට ලොකු වියදමක් යනවා. ඒ නිසා මේ බෙහෙත් වලට සුදුසු මිලක් නියම නොකළොත් ඒ බෙහෙත් රෝගීන්ට ලබා දෙන්න අපහසුයි. මොකද බෙහෙත්වල වටිනාකම සහ ඒ ප්‍රමිතිය අපි රැකගන්න ඕනි. ඒ වගේම ඇතැම් රෝග තියෙනවා ප්‍රතිකාර කරලා නිට්ටාවටම සුව කරන්න බැහැ, කරන්න පුළුවන් ප්‍රතිකාරවලින් මැඩ පැවැත්වීම පමණයි. එනිසා අපි ඕනෑම රෝගයකදී හැම වෙලාවෙම ලබාදෙන්නේ ඉස්තරම්ම බෙහෙත්. ඒ බෙහෙත් දීලා අපි මාස ගණන් මහන්සි වෙලා ඔවුන්ව සුවපත් කරන්න කැපවෙනවා. මේක ලොකු වගකීමක්. ඒකට අපිට මිල වැඩියි කියලා ලාභ බෙහෙත් දාලා දෙන්න බෑ. ඒ නිසා යම් මිලක් යනවා. හැබැයි ඒ මිල නියම වෙන්නේ ඒ ඖෂධවල තියෙන වටිනාකමට. මොන වෙදකමක වුණත් අපි හැමවෙලාවෙම බලන්නේ රෝගියාගේ සුවපත් වීම."

වෙදකම අතින් ගත්තොත් ආයුර්වේදයට අද වෙන කොට මෙරට තුළ විශාල ඉඩක් වෙන් වී අවසන්.

ඉංග්‍රීසි බෙහෙත්වලට කරන්න බැරි බොහෝ විස්කම් ආයුර්වේදය කරපු බව කියන විවිධ කතා අතීතයේ ඉඳන්ම අපිට ඇහෙනවානේ.

එවැනි පසුබිමක සිද්ධාදී වෙද මැදුර වේදනාවෙන් ඉන්න බොහෝ දෙනාට අද වන විට දිව ඔසුවක් වී අවසන්.