මෙන්න මේ පිරිසටත් රු.25000ක සහන මුදලක්
දිට්වා අයහපත් කාලගුණ තත්ත්වය මත ආපදාවට ලක් වූ සියලුම ආගමික ස්ථානවල කටයුතු යළි ආරම්භ කිරීමට සහාය වීම සදහා රුපියල් 25,000/-ක විශේෂ දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
එමෙන්ම එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ආපදාවට පත් ආගමික ස්ථාන පිරිසිදු කර, ඒවායේ දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මෙම සහනදායී දීමනාව ලබා දීම සුදුසු බවයි.
තවද මෙම යෝජනාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, මෙම දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත වෙන් කර දීමට සූදානම් කර ඇත.