බයිරන් සුළි කුණාටුව ගාසා වැසියන් තවත් පීඩාවට පත් කරයි

Report

ගාසා තීරය හරහා හමා ගිය බයිරන් සුළි කුණාටුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීන ජාතිකයන් පිරිසක් අවදානමට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ගාසා වැසියන් තවත් අසරණ කරමින් කඩා වැදුණු සුළි කුණාටුවෙන් කූඩාරම් රැසක් ගංවතුරට හසු ව ඇත.

එම කූඩාරම්වල සිටි පවුල් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටින බව සදහන් වේ .

තවද ඊශ්‍රායල ප්‍රහාරවලින් දැඩි ලෙස පීඩා විඳින ගාසා වැසියන් සුලිකුණාටුවෙන් ඔවුන් තවත් පීඩාවට පත්ව තිබේ.

වෙනිසියුලාවේ ඉන්ධන නෞකාවක් අමෙරිකානු හමුදා භාරයට

වෙනිසියුලාවේ ඉන්ධන නෞකාවක් අමෙරිකානු හමුදා භාරයට

 ඒ වගේම හෙට දිනය තෙක් තද සුළං සහ හිම කැට වර්ෂා පතිත වනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.

සහන කණ්ඩායම්වලට යට වූ කූඩාරම්වල සිටින පිරිස් බේරාගැනීමට ළඟාවීමේ දුෂ්කර බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කඩා වැටුණු ලංකාව වෙනුවෙන් තවත් සුන්දර රටකින් ලොකු මුදලක්

කඩා වැටුණු ලංකාව වෙනුවෙන් තවත් සුන්දර රටකින් ලොකු මුදලක්