විශ්‍රාම වැටුප් හා මාසික දීමනාවල වෙනසක්
අමාත්‍ය මණ්ඩලය විසින් පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබී 1980-1982 කාලයේදී පෞද්ගලීකරණය කරන ලද බලවේග ව්‍යාපාර වල සේවක සේවිකාවන් සඳහා ගෙවනු ලබන මාසික දීමනාව සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ පැවති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත රැකියාව අහිමි වූ සහ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ නොවීම හේතුවෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් ලබා ගැනීමට නොහැකි වූ සේවකයන් වෙත දැනට ගෙවනු ලබන මාසික දීමනාව, පවතින ජීවන වියදම සමග සැලකීමේදී ප්‍රමාණවත් නොවන බවට හදුනාගෙන ඇත.
ඒ අනුව 2025-04-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම සේවකයින් වෙත අස්වැසුම වැඩසටහන යටතේ වන ප්‍රතිලාභ සලසා දීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ඇති නමුත්, පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ඍජුවම ඔවුන්ට එවැනි සහනයක් ලබා දීමට හැකියාවක් නොමැති බව වාර්තා වේ.
එබැවින්, එම සේවකයින් සඳහා සහනයක් වශයෙන් ඔවුන් අතරින් දැනට රුපියල් 5,000කට වඩා අඩු මාසික දීමනාවක් ලබන සේවකයින්ගේ මාසික දීමනාව 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5,000ක් වශයෙන් සංශෝධනය කර ගෙවීම් කිරීම පිණිස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන අතර ඒ අනුව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.