ආපදාවට පත් කාන්තාවන් සහ ළමුන්ට සරෝජාගෙන් පොරොන්දුවක්

Report

ආපදාවට පත් ප්‍රදේශවල කාන්තාවන්ට සහ ළමුන්ට සාමාන්‍ය ජන ජීවිතයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය මානසික සූදානම ගොඩනැගීම සඳහා රජයේ උපදේශන සේවය සහ උපරිම මැදිහත්වීම අවශ්‍ය බව - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

පශ්චාත් ආපදා අවස්ථාව තුළදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට සහනාධාර සැපයීමට එහා ගිය සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සිදුකරමින් සිටින මැදිහත්වීම පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරොජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවන ලද හදිසි අංශ ප්‍රධානී හමුව අමතමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

නාමල්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

නාමල්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

එම කාර්යභාර්ය ආපදාවට පත් ප්‍රජාව විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් සුරක්ෂිත කිරීම සහ ඔවුන් මනෝභාවය සමාජී්‍ය වශයෙන් සවිබලගැන්වීම බව පෙන්වාදුන් අමාත්‍යවරිය සිය අමාත්‍යංශය යටතේ කාන්තාවන් සහ දරුවන් දෙගොල්ලම වෙනුවෙන් ක්‍රියාත්මක හොඳ උපදේශන සේවයක් ඇතැයිද අවධාරණය කළාය.

රජයේ උපදේශන සේවයේ උපරිම මැදිහත්වීම නැවත මෙම ප්‍රජාවට සාමාන්‍ය ජන ජීවිතයට ප්‍රවේශ වීමට අවශ්‍ය මානසික සූදානම ගොඩනැගීම සඳහා යෙදවීමට අවැසි බවද පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

"මින් පෙර පවුලක් ලෙස තම නිවස තුළ සමීපතමයන්ගේ රැකවරණයේ ජීවත් වූ දරුවන්ට තවදුරටත් එම පරිසරය අහිමි වෙලා තියෙන්න පුළුවන්. තම ස්වාමිපුරුෂයා සමග එකට ජීවත්වුණු කාන්තාවන්ට තම සැමියා අහිමිවී තියෙන්න පුළුවන්. ඉදිරියේදී නිසි භාරකාරත්වය අහිමි දරුවන්, මාතෘ මූලික පවුල්, මව්වරුන් අහිමිව පියා ළඟ ඇති දැඩි වන දරුවන් මෙම ආපදාවට පත් ප්‍රදේශවලින් අපිට මුණගැහෙන්න පුලුවන්."

ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

"ඒ නිසා එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන්න. පළාත් පරිවාස දෙපාර්තමේන්තු ආරක්ෂක අංශ අතර සම්බන්ධීකරණය තවත් ශක්තිමත් කරන්න. ක්ෂේත්‍ර නිලධාරීන් දැනටම විශාල වැඩ කොටසක් කරනවා. මේ වෙලාවේ අමාත්‍යාංශයට වග කියනවාට අමතරව ඔවුන්ට එම ප්‍රදේශවල ආපදා කළමනාකරණ සහ සහන සේවා කටයුතුවලට මැදිහත් වෙන්න වෙලා තියෙනවා. තමන්ගේ දිස්ත්‍රික්කවල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල විපතට පත් අය වෙනුවෙන් අමාත්‍යංශ බෙදීමකින් තොරව සියලු දෙනා වෙහෙසිලා වැඩ කරනවා. ඒ ගැන හොයලා බලන්න අවස්ථානුකූලව අපිට අනුබද්ධිත නිලධාරීන්ට වැඩ බෙදාගෙන කරන්න උපදෙස් දෙන්න."

"ඒ අතරම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ඔවුන්ගේ පවුල් මුහුණපා සිටිනා අපදා තත්ත්වයන් පිළිබඳ සොයා බලන්න. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම මේ වෙලාවේ රාජකාරියට එහා ගිය ජාතික වගකීමක් සහ පුරවැසි වගකීමක් ලෙස හිතලා කරමු.”

රු.25000 දීමනාව ලබාදීම ආරම්භයි

රු.25000 දීමනාව ලබාදීම ආරම්භයි

මීට අමතරව දැනට සිදුකරමින් පවතින සුබ සාධන කටයුතු, දත්ත රැස් කිරීම්, විශේෂ තත්ත්වයන් කළමණාකරනය කිරීම ඇතුළු කටයුතු වල ප්‍රගතිය අංශ ප්‍රධානීන් විසින් ඉදිරිපත් කළ අතර, එය වඩාත් පුළුල් සහ වේගවත් ක්‍රියාවලියක් බවට පත්කරගැනීම සඳහා වන බාධා හඳුනාගැනීම සහ ඊට විසඳුම් සාකච්ඡා කිරීම ද එහිදී සිදුවිය.

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනයන්හි අංශ ප්‍රධානීන් එක්ව සිටියහ.

අවවාදාත්මක නිවේදන නිකුත් වේ ජනතාව ප්‍රවේශමෙන්

අවවාදාත්මක නිවේදන නිකුත් වේ ජනතාව ප්‍රවේශමෙන්