රටේ ස්ථාන කිහිපයක පවතින අවදානම ගැන කාලගුණයෙන් නිවේදනයක්

Report

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දන්වා ඇත.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

එසේම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට නිවේදනය කර තිබෙනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පැ.කි.මී. (35-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

ඒ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු - මැද සහ වයඹ යන පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලයි.

ඒ අනුව එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ