ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පවත්වන දිනය ගැන දැනුම්දෙයි
By Kaushi
ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය එළඹෙන අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව අද (14) දින පැවති විශේෂ මහා සභා රැස්විමේදි මේ වෙනුවෙන් එකඟතාවය ඇති කරගෙන ඇති බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) නිලවරණය එළඹෙන අප්‍රේල් මස 30 වැනිදාට පෙර පවත්වා අවසන් කරන මෙන් මීට පෙර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) නියෝග කර තිබුණා.