දැවැන්ත සටනකට පසු කන්ද උඩරට නිල්මහා සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර 107 වැනි වරටත් පැවැති කන්ද උඩරට නිල්මහා සටන ජය ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්ව තිබෙනවා.
ඒ අනුව මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පරදුන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සියලුදෙනා දැවී රැස්කර ගත්තේ, ලකුණු 157ක් පමණයි.
එයට පිළිතුර ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 264ක් රැස් කිරීමට සමත් විය. පසුව ශාන්ත අන්තෝනි විද්‍යාලය සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් විය.
''මට ඇත්තටම හිතුණා අපට කොහෙ හරි තැනක මිස් වුණාද කියලා , ඒ දේ හොයන්න තමා මම උත්සාහ කරන්නේ '' රට පුරාම වේගපන්දු යවන දක්ෂයෝ තෝරන මාලි
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 64ක් හඹා ගිය ත්‍රිත්ව විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 63ක් ලබා සිටියදී ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට පැමිණීම නිසා තරගය අත්හිටුවීමට විනිසුරුවරු තීරණය කර තිබුණා.
එබැවින් කණ්ඩායම් ද්වීත්වය ක්‍රීඩාගාරය වෙත ගිය අතර අනතුරුව තරගය ආරම්භ කිරීමට සූදානම් වූවත් ශාන්ත අන්තෝනි විද්‍යාලය කණ්ඩායම ක්‍රීඩා පිටියට නොපැමිණීම නිසා තරගයේ ජය ත්‍රිත්ව විද්‍යාලයට ලබාදීමට විනිසුරුවරුන් පියවර ගෙන තිබෙනවා.