බෞද්ධයන්ට සුබ ආරංචියක් - තායිලන්තයෙන් ලංකාවට විශේෂ ව්‍යාපෘතියක්

Report

ශ්‍රී ලංකා - තායිලන්ත බෞද්ධ සබඳතා ශක්තිමත් කරමින් ‘Phra Phuttha Metta’ බුද්ධ ප්‍රතිමා 108ක් මෙරටට පූජා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

ඒ අනුව එම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තායිලන්තයේ Maha Rattana බෞද්ධ සංගමය නියෝජනය කරමින් පැමිණි 15 දෙනකුගේ කණ්ඩායමක් සහ විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් කොළඹදී පවත්වා ඇත.

එහිදී රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද අමාත්‍යවරයාට පිළිගන්වා තිබෙනවා.

සුබ ආරංචියක් - මේ රැකියා කරන අයටත් අලුතින් විශ්‍රාම වැටුපක්

සුබ ආරංචියක් - මේ රැකියා කරන අයටත් අලුතින් විශ්‍රාම වැටුපක්

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ආගමික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

එමෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ ආගමික සමඟිය සහ සාමය පෙරදැරි කරගනිමින් දෙරටේ අධ්‍යාත්මික බැඳීම ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ බවයි.

මෙම ව්‍යාපෘතිය තායිලන්තයේ සාරාබුරි හි සංඝ දිස්ත්‍රික් නිලධාරී සහ Wat Pa Sawang Bun විහාරාධිපති Phra Khru Visudhisutawat (Somchai Punyamano) නායක හිමිගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන බව සඳහන්.

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තත්ත්වය උග්‍ර අතට - වහාම ඉවත් වෙන්නයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ වැසියන්ට ප්‍රබල අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ඉරානය සහමුලින්ම විනාසයි - කර්ග් දූපතේ ඉලක්ක 90ක් විනාශ කළ බවට ඇමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කරයි

ඉරානය සහමුලින්ම විනාසයි - කර්ග් දූපතේ ඉලක්ක 90ක් විනාශ කළ බවට ඇමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කරයි