ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත් පැතිරවූ අබුඩාබියේ 45 ක් අත්අඩංගුවට
By Kanchana
ඉරාන ප්‍රහාර පිළිබඳ වීඩියෝ උඩුගත කර වැරදි තොරතුරු පැතිරවූ 45 දෙනෙකු අබුඩාබි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව විදේශීය මාධ්‍ය සදහන් කර තිබේ.
ඔවුන්ට එරෙහි චෝදනා වන්නේ ඉරානය විසින් ගල්ෆ් ප්‍රදේශයට එල්ල කරන ලද ප්‍රහාර අතරතුර සිදුවීම් හා ස්ථාන වීඩියෝගත කරමින් හා වැරදි තොරතුරු පැතිරවූ බවයි.
තවද අබුඩාබි පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැකකරුවන් අතර රටවල් කිහිපයක පුද්ගලයින් සිටින බවයි.
ඒ වගේම අබුඩාබි පොලිසිය සදහන් කරන්නේ මෙවන් අදහසක්
“ජනමතය උද්දීපනය කිරීමටත් සමාජය තුළ කටකතා පැතිරවීමටත් හේතු විය හැකි අසත්‍ය හා මගපෙන්වන තොරතුරු මේවායේ අන්තර්ගත බවයි”