අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට දැවැන්ත විනාශයක්
විදෙස් මාධ්‍ය වාර්තාව අනුව, පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ යුද්ධ ගැටුම් හේතුවෙන් අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර නිසා ඉරානය පුරා සිවිල් ගොඩනැගිලි 43,000කට ආසන්නව හානි වී ඇති බව ඉරාන රජය නිවේදනය කර තිබේ.
ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමා මොහජෙරානි සඳහන් කළේ, මෙම ප්‍රහාර හේතුවෙන් සිදුවූ විනාශය පිළිබඳ බිහිසුණු තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.
ඒ අතර, 36,500ක්ම සාමාන්‍ය ජනතාව පදිංචිව සිටි නිවාස සහ නේවාසික ඒකක විනාශ වී ඇති බවත් ඉරාන අගනුවර ටෙහෙරාන් නගරයේ පමණක් ගොඩනැගිලි 10,000ක් ප්‍රහාරයට ලක්ව ඇති බවත් වාර්තා වේ.
සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට සිදු වූ හානි පිළිබඳව සලකන විට, හදිසි ප්‍රතිකාර ඒකක 43ක්, ගිලන් රථ 32ක් සහ පාසල් 120ක් විනාශ වී හෝ හානියට පත්ව ඇති බව සඳහන් කර ඇත.
මානුෂීය බලපෑම පිළිබඳව සලකන විට , මේ දක්වා අවම වශයෙන් කාන්තාවන් 223 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව 206 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.