අයිරිස් ලවාන් නෞකාවේ සිටි නාවිකයින් සියලු දෙනා යළි සිය මව් රටට

Report

ඉන්දියාවේ කොචින් වරායේ නැංගුරම් ලා තිබූ ඉරානයට අයත් “අයිරිස් ලවාන්” නෞකාවේ සිටි නාවිකයින් අතරින් පිරිසක් ඊයේ (13) ඉරානය වෙත රැගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

183 දෙනෙකුගෙන් සමන්විත එම නෞකාවේ කාර්ය මණ්ඩලය අතරින් පිරිසක් විශේෂ ගුවන් යානයක් මගින් ආමේනියාව වෙත රැගෙන යාමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

හෝමූස් හරහා යාමට ඉන්දියාවට විශේෂ අවසරයක්

හෝමූස් හරහා යාමට ඉන්දියාවට විශේෂ අවසරයක්

එම නාවිකයින් පිරිස සහ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය ඉරාන නාවිකයින්ගේ මළ සිරුරු ආමේනියාවේ සිට ගොඩබිම් මාර්ගය ඔස්සේ ඉරානය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බවද ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසයක් සඳහා පැමිණි ඉරාන තවත් යුද නෞකාවක සිටි නාවිකයින් 204 දෙනෙකු ශ්‍රී ලංකාවේ භාරයේ සිටින ඔවුන් මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින බව වාර්තා වේ.

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලංකාවේ තේ වතු හිමියන්ටත් අසුබ ආරංචියක්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලංකාවේ තේ වතු හිමියන්ටත් අසුබ ආරංචියක්