මැතිවරණ උණුසුම අස්සේ ඇහෙන තවත් භයානක ආරංචියක්. - මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්.

Report

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරනවා.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.


ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමින්.

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?


එහිදී ඔහු වැඩිදුරටත් අදස් දැක් වූයේ මෙලෙසින්,

"ඔබ සියලුදෙනා දන්නා පරිදි දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදිකාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍යවන, එහි නොසැලෙන ස්ථාවරත්වයට ගොඩගැනීම සඳහා වූ පියවරවලින් සමන්විතයි. මෙම ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථික තිරසර පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත්. එවැනි උත්සාහයක් කොතෙක් ක්‍රියාත්මක වුවත් ඕනෑම දේශපාලනමය හෝ සමාජීය අවිනිශ්චිතතාවක් හෝ දැඩි ප්‍රයත්නයකින් ළඟා කරගත් ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත්, ප්‍රතිංස්කරණ ක්‍රියාවලියට දැඩි පීඩනයක් එල්ල වනවා වගේම ආර්ථිකයේ අපේක්ෂිත ගමන් මඟ වෙනස්කර ආර්ථිකයට හානිකර නැවත ගොඩනැගිය නොහැකි අන්දමේ බලපෑමක් ඇති කර, පසුගිය වසර දෙකේදි අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකියි. වර්තමාන ස්වෛරීත්ව ණය අර්බුදය හමුවේ අතීතයේ මෙන් ඉහළ වැයකිරීම් සහ බදු අඩුකිරීම් මඟින් ආර්ථිකය වර්ධනයක් කරා යොමු කිරීම සඳහා රජයට කිසිඳු මූල්‍ය අවකාශයක් නැහැ. මූල්‍ය සහ ණය තිරසරභාවයක් නැවත ස්ථාපිත කිරීම වර්තමානයේ මෙන්ම අනාගතය උදෙසා වු මූලික අවශ්‍යතාවයි." 

මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට විශේෂ නිවේදනයක්.

මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට විශේෂ නිවේදනයක්.

බලන්න නයනී.. සුපිරි සාදයක් දීලා ඉන්ධනහල් හිමියා කරපු දේ. - ඡායාරූපත් එක්කම මැතිවරණය කොමිසමට මාට්ටු.

බලන්න නයනී.. සුපිරි සාදයක් දීලා ඉන්ධනහල් හිමියා කරපු දේ. - ඡායාරූපත් එක්කම මැතිවරණය කොමිසමට මාට්ටු.