බලන්න නයනී.. සුපිරි සාදයක් දීලා ඉන්ධනහල් හිමියා කරපු දේ. - ඡායාරූපත් එක්කම මැතිවරණය කොමිසමට මාට්ටු.

Report

හම්බන්තොට ප්‍රදේශයේ විවෘත කිරීමට යන ඉන්ධනහලක් පිළිබඳ මැතිවරණ කොමිසමට වාර්තාවක් ලබාදීම සඳහා පිටත්කර යැවූ තෙල් සංස්ථාවේ නිලධාරීන්ට එම ඉන්ධනහල් හිමියා සාදයක් පවත්වා සංග්‍රහ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මෙම ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමට යාමේදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයට පැමිණ විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.


අනතුරුව අදාළ ඉන්ධන පිරවුම්හල සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට ඛනිජතෙල් සංස්ථාව මගින් විමර්ශන නිලධාරියකු ඇතුළු කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා.

එලෙස විමර්ශනයට ගිය නිලධාරීන්ට දේශපාලන හිතවතුන්ගේ ද සහාය ඇතිව සාදයක් පවත්වා ඇති බවයි ඡායාරූප ද සහිතව තෙල් සංස්ථා මූලස්ථානයට තොරතුරු ලැබී ඇත.

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?


හම්බන්තොට මෙම ඉන්ධන පිරවුම්හලට 2019 මුල් භාගයේදී අයැදුම් කර ඇතත් අවශ්‍ය අනුමැතීන් ගෙන ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට 2024 මැද භාගය දක්වා කාලයක් ගතවී ඇත. මේ අනුව දැනට පවතින මැතිවරණ නීතිවලට අනුගතව පිරවුම්හල වෙත ඉන්ධන නිකුත් කිරීමට අනුමැතිය දෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුනා.

කෙසේ වෙතත් ඒ අතරේ මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඛනිජ තෙල් සංස්ථාවට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් මේ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස සංස්ථා සභාපතිවරයාට උපදෙස් නිකුත් කර ඇත.

ඒ අනුව හම්බන්තොට බලා කණ්ඩායමක් පිටත්කර ඇති අතර ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් මීට පෙර ද අදාළ ඉඩම පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ ගණනක් ලබාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මසකට රු.20000ක ප්‍රතිපාදනයක් දී මාස 24කින් හිතාගන්නවත් බැරි විදිහට මෙරටට සිදු වන්න යන දේ.

මසකට රු.20000ක ප්‍රතිපාදනයක් දී මාස 24කින් හිතාගන්නවත් බැරි විදිහට මෙරටට සිදු වන්න යන දේ.