ගංගා නවයක් චන්ඩ වෙයි...ජනතාවට අති විශේෂ දැනුම්දීමක්..!
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංඟා ද්‍රෝණි 9ක් ආශ්‍රිතව පහත්බිම්වල රැඳී සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. දැඳුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළුගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කලා ඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වලට සිටින ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද ( 08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර දැනට පවතින වැසි තත්ත්වය අද සහ හෙට යන දිනවලදී ද පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ඉක්මවු තද වැසිද අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වයඹ සහ උතුරු පළාත්වලත්, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇතිවිමේ අවධානමක් පවතී.
මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ප්‍රදේශ රැසකට නිකුත් කර තිබු නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
