VPN වැට බැඳීමට සැරසෙන පකිස්තානය - ඒත් එක්කම රට තුළ මොකක් වෙයි ද?.

Pakistan X Social Media Latest Headlines Decision Making
By krishani Nov 25, 2024 03:45 PM GMT
krishani

krishani

Report

පාකිස්තාන ටෙලිකොම් අධිකාරිය (PTA) නිල වශයෙන් දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ නොවැම්බර් මස අවසන් වීමෙන් පසු රට පුරා ලියාපදිංචි නොකළ සියලුම Virtual Private Networks (VPN) සම්පූර්ණයෙන්ම අවහිර කරන බවයි.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ තොරතුරු තාක්ෂණ සහ ටෙලිකොම් පිළිබඳ සෙනෙට් කමිටුවට PTA සභාපතිවරයා මේ බව දැනුම් දී ඇති බවයි.

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක්.. ඒ මෙන්න මෙහෙමයි..

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක්.. ඒ මෙන්න මෙහෙමයි..

මෘදුකාංග ආයතන, ඇමතුම් මධ්‍යස්ථාන, බැංකු, තානාපති කාර්යාල, නිදහස් සේවකයින් සහ වෙනත් අය හා සම්බන්ධ පුද්ගලයින් සහ සංවිධාන ඔවුන්ගේ VPN පාකිස්තාන ටෙලිකොම් අධිකාරියේ වෙබ් අඩවියේ ලියාපදිංචි කළ යුතු වේ.

ඒ අනුව නොවැම්බර් 30 වෙනිදායින් පසු සාමාන්‍ය අන්තර්ජාල භාවිතා කරන්නන්ට X (කලින් Twitter) ඇතුළු තහනම් කරන ලද සියලුම වෙබ් අඩවි වෙත පිවිසීමට නොහැකි වේ.

You May Like This Video 👇 

 .

ReeCha