දේශපාලන රැකවරණයෙන් බන්ධනාගාරේ ඇතුලෙම මත්ද්‍රවය ජාවාරම වුණා මේවට සමහර නිලධාරිනුත් සම්බන්ධයි - මීගමුව බන්ධනාගාර සිදුවීම ගැන ඇමති විජිත
ඊයේ දින මීගමුව බන්ධනාගාරය තුල ඇති වූ ගැටුම ලංකාවම කම්පනයට පත් කර ඇත. අද දින (7) රැස් වූ පාර්ලිමේන්තුවේද ප්‍රධාන මාතෘකාවක් වූයේ මෙම සිදුවීමය. අදාළ සිදුවීම පිළිබඳව සැකයක් මතුකරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පහත අදහස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු පවසා සිටියේ,
"ඉතිහාසයේ දේශපාලන රැකවරණය සහිතව බන්ධනාගාරය තුළින් තමයි මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වුණේ. දැන් අපි එය පාලනය කිරීමට ප්‍රතිවිරෝධයක් බවයි දැනට ලැබී ඇති තොරතුරු අනුව පේන්නේ.මත්ද්‍රව්‍ය මඩින්න ගන්න ක්‍රියාමාර්ගවලට එළියේ ඇතැම් දේශපාලකයෝ විරුද්ධ වෙනවා වගේ හිර ගෙවල් ඇතුළෙත් ඇතැම් අය විරුද්ධ වෙනවා.ඇතැම් බන්ධනාගාර නිළධාරීන් පවා මේවාට සම්බන්ධයි. බන්ධනාගාර කොමසාරිස්ගේත් වැඩ තහනම් කරන්න සිද්ධ වුණා. තරාතිරම් නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙම නැතුව මේක සුද්ද කරන්න බෑ. මේවා නියාමනය කරන්න තරාතිරම නොබලා අපි ක්‍රියාමාර්ග ගන්නවා.කලින් ගත්ත නීතියේ වැරැද්දක් නිසා දාන්නේ කොයි උසාවියටද නඩුව දානේ කියලා තීරණයක් නැතුව ඉන්නවා. ඇත්තම කිව්වොත් හිරකරුවෝ වැඩියි හිරේ ධාරිතාව අඩුයි. අපි යටිතල පහසුකම් වැඩිදියුණු කරන්න පටන් අරන් තියෙනවා. අවශ්‍ය තාප්පය වැට හැමදේම වැඩිදියුණු කරනවා. ඒවාට මුදල් වෙන්කරනවා.දැනටමත් මහපරිමානේ ජවාරම්කරුවන්ව නවත්තන්න වැලිසර කදවුරේ තැනක් අරන් තියෙන්නේ." ලෙසයි.