ඉන්දියානූ රසිකයන් දහසක් දෙනා බලන් සිටි සුබ මොහොත මෙන්න - තලපති විජේ මහ ඇමති ලෙස දිවුරුම් දෙයි

Report

තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ අමාත්‍යවරයා ලෙස සුපිරි නළු ජෝෂප් විජේ මහතා අද (මැයි 10) චෙන්නායි නුවර නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දිවුරුම් දීමට නියමිතය.

තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් මහතා ඉදිරියේ පැවැත්වෙන මෙම ඓතිහාසික දිවුරුම් දීමේ උත්සවයත් සමඟ තමිල්නාඩු දේශපාලනයේ දශක ගණනාවක ද්‍රවිඩ පක්ෂ ද්විධිකාරය නිල වශයෙන් අවසන් වනු ඇත.

පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් විජේගේ තමිලග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගත් නමුත්, රජයක් පිහිටුවීමට අවශ්‍ය 118ක බහුතරය සඳහා තවත් ආසන 10ක අඩුවක් පැවතිණි.

කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයා සමඟ පැවති වට හතක තීරණාත්මක සාකච්ඡාවලින් අනතුරුව, වාමාංශික පක්ෂ සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩු නියෝජනය (ආසන 05) විජේ වෙත සහාය පළ කිරීමට එකඟ විය.

ඊයේ (09) දිනය වන විට තමිල්නාඩු මුස්ලිම් ලීගය සහ තවත් වාමාංශික පක්ෂ කිහිපයක් සන්ධානගත වීමත් සමඟ විජේ මහතා සතු සමස්ත මන්ත්‍රී බලය 120 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක් - දින 4ක් පාසල් නිවාඩු

මේ පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක් - දින 4ක් පාසල් නිවාඩු

ඒ අනුව පූර්ණ බහුතර බලය තහවුරු කර ඇති විජේ මහතාට රජයක් පිහිටුවන ලෙස ආණ්ඩුකාරවරයා නිල වශයෙන් ආරාධනා කළේය.

සිනමා තිරයේ 'තලපති' ලෙස මිලියන සංඛ්‍යාත රසික හදවත් දිනූ විජේ, සැබෑ දේශපාලන පිටියේ මහ ඇමති ධුරයට පත්වීම ඉන්දියාවේ පමණක් නොව සමස්ත දකුණු ආසියාවේම අවධානය දිනාගත් සිදුවීමකි.

හදිසිධන ලාභ මතුවන තියන තියන පියවර සාර්ථක වෙන අද ලග්න පලාපල

හදිසිධන ලාභ මතුවන තියන තියන පියවර සාර්ථක වෙන අද ලග්න පලාපල

නව මහ ඇමතිවරයාගේ මෙම පාලන කාලය තුළ තමිල්නාඩුවේ සමාජ හා ආර්ථික ක්ෂේත්‍රයන්හි නව වෙනසක් සිදුවනු ඇතැයි ඔහුගේ ආධාරකරුවෝ දැඩි විශ්වාසයකින් පසුවෙති.