මේ පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක් - දින 4ක් පාසල් නිවාඩු
දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.
සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් නිර්දේශයන්ට අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය සනාථ කළාය.
මෙලෙස හෙට (මැයි 11) සහ අනිද්දා (මැයි 12) යන දිනවලදී ද වසා තැබෙන්නේ දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් හතරයි.
මෙම රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය 07 වනදා සහ 08 වනදා ද මෙම පාසල්වල අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබුණි. දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතා ප්‍රකාශ කළේ, සිසුන් අතර පවතින රෝගී ලක්ෂණ සහ රෝගය ව්‍යාප්ත වීමේ වේගය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම දීර්ඝ කිරීම සිදු කළ බවයි.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම උණ රෝගී තත්ත්වය පිළිබඳව මව්පියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, දරුවන්ට උණ, කැස්ස හෝ හිසරදය වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.
එසේම රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් හෝ වෙනත් පොදු ස්ථාන වෙත යැවීමෙන් වැළකී සිටීම රෝගය පාලනයට අත්‍යවශ්‍ය වේ.