විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය අරන්..
විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එහි බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (15) නුගේගොඩ පැවති මාධ්‍ය හමුවකදී මෙම චෝදනාව ඉදිරිපත් කළේය.
ඔහු සඳහන් කළේ, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් තාප විදුලි උත්පාදනය අඩුවීම පිරිමැසීමට මෙම පියවර යෝජනා කර ඇති බවයි.
තවද, පසුගිය මාර්තු 24 දින පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවත්, එයට කේ.ඩි.ලාල්කාන්ත සහ කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වය තිබූ බවද ඔහු පෙන්වා දුන්නා.
මෙම චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව තවමත් නිල ප්‍රතිචාරයක් ලබා දී නොමැති අතර, විදුලි බල සැපයුම සහ ජල සම්පත් කළමනාකරණය පිළිබඳව නව විවාදයක් උද්ගත වී ඇත.