හිටපු ජනපති මහින්ද අවුරුදු සමරපු හැටි මෙන්න [PHOTOS]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, මහා සංස්කෘතියක අඛණ්ඩ පැවැත්ම තහවුරු වන්නේ එය නිවැරදි අයුරින් පරිණාමය වීමට ඉඩ ලබා දීමෙන් බවයි. සංස්කෘතිය නැමැති බීජය නැවත නැවතත් මේ මහපොළවෙහි රෝපණය කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.
එමඟින් අනාගත පරපුරට තම නිජබිමේ හදගැස්ම හා උරුමයේ අලංකාරය අත්විඳීමට හැකි වනු ඇති බවද, සම්ප්‍රදායට ගරු කිරීමේ හොඳම මාර්ගය එය බවද ඔහුගේ අදහස වේ.
අලුත් අවුරුදු සමයේ සම්ප්රදාය හා සංස්කෘතියට මුල් තැන දෙමින්, තම පවුලේ සාමාජිකයන් සහ ආදරණීය ජනතාව සමඟ එක්ව අලුත් අවුරුදු චාරිත්‍ර සතුටින් ඉටු කළ බවද ඔහු සඳහන් කර තිබේ.
ජනතාවගෙන් පිරි විශාල පවුලක ජ්‍යෙෂ්ඨයෙකු ලෙස ජනතා හිතවත්කම සෙනෙහසින් අත්විඳි බවද ඔහු ප්‍රකාශ කරයි.
හිටපු ජනපතිගේ අවුරුදු සැමරුමේ ක්ලික්ස් ටික මෙන්න..


















