ඉන්දුනීසියානු රුවල් නෞකාව දිවයිනට

Report

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci (945)’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම නෞකාව ASEAN Plus Cadet Sail (APCS) – 2026 වැඩසටහන යටතේ ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු රටවල් 26ක නාවික ශිෂ්‍යභට නිලධාරීන් සමඟ කොළඹ වරායට ළඟා වූ බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාව සාම්ප්‍රදායිකව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කර ඇත. 

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් සුගෙන්ග් හරියන්ටෝ (Sugeng Hariyanto) කටයුතු කරන අතර, නෞකාව දිවයිනේ රැඳී සිටින කාලය තුළ නාවික හමුදා පුහුණුවන නිලධාරීන්ට එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවද ලැබීමට නියමිතය.

එමෙන්ම, දෙරටේ නාවික හමුදා අතර සුහදතාවය වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන වැඩසටහන්වලට සහභාගී වීමත්, දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීමත් මෙම සංචාරයේ අරමුණු අතර වේ.

කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට

කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට

දැන් රටේ ලෝකේ මිනිස්ස්සුන්ට ආගම දහම අමතක වෙලා - මිහින්තලේ හිමිගෙන් ට්‍රම්ප්ටත් බැනුම්

දැන් රටේ ලෝකේ මිනිස්ස්සුන්ට ආගම දහම අමතක වෙලා - මිහින්තලේ හිමිගෙන් ට්‍රම්ප්ටත් බැනුම්