මේ අගෝස්තුවේ විතරක් වාහන ආනයන වියදම ඩොලර් මිලියන 250 පනී, මහ බැංකුවෙන් වාර්තාවක්
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් මෙරටට වාහන ආනයනය වෙනුවෙන් පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී, වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව සඳහන් කරයි.
මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි දක්වා ඇත.
එහිදී මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වේ.
ඒ ඩොලර් මිලියන 255.7ක් ලෙසයි.
එසේම 2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළ දී මෙරටට වාහන ආනයනය වෙනුවෙන් දරා ඇති වියදම පහතින් දක්වා ඇත.
(ඩොලර් මිලියන වලිනි)
ජනවාරි - 29.1
පෙබරවාරි - 22.3
මාර්තු - 54.0
අප්‍රේල් - 145.6
මැයි - 125.2
ජූනි - 169.6
ජූලි - 206.0
අගෝස්තු - 255.7