මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

Report

ශ්‍රී ලංකාවේ BYD වාහන ආනයනකරු වන ජෝන් කීල්ස් සමාගම (John Keells) මඟින් BYD ATTO 3 විදුලි මෝටර් රථ වෙන්කරවා ගත් පාරිභෝගිකයන් පිරිසකට, ශ්‍රී ලංකා රේගුව සමග මතුව ඇති ගැටලුවක් නිසා බෙදාහැරීම් ප්‍රමාද වන බවට දැනුම් දෙමින්, විකල්ප තුනක් සහිත ලිපියක් යොමු කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව වාර්තා වේ.

ඒ අනුව රේගුව සමඟ පවතින නීතිමය ක්‍රියාමාර්ග නිසා මේ වන විට පවතින ඇනවුම් වෙනුවෙන් නිශ්චිත බෙදාහැරීමේ දිනයක් ලබා දිය නොහැකි බව සමාගම එම ලිපියෙන් පාරිභෝගිකයන්ට දැනුම් දී ඇති බව සඳහන්.

එසේම වාහන ගෙන්වීමට නොහැකි වීම තමන්ගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතූන් මත සිදුවූවක් බවටද අඳාළ සමාගම අවධාරණය කරන බව සඳහන්.

ඒ අනුව ජෝන් කීල්ස් සමාගම විසින් පාරිභෝගිකයන්ට ලබා දී ඇති විකල්ප ත්‍රිත්වය පහත පරිදී වේ.

සජිත් හෝදලාම දෙයි.. වත්කම් බැරකම් ටික මෙන්න. පැමිණිල්ල අසත්‍යයි..

සජිත් හෝදලාම දෙයි.. වත්කම් බැරකම් ටික මෙන්න. පැමිණිල්ල අසත්‍යයි..

BYD SEALION 5 වෙත මාරු වීම
පාරිභෝගිකයන්ට තම වෙන්කරවා ගැනීම BYD SEALION 5 මාදිලියට මාරු කළ හැකිය. රුපියල් මිලියන 18.2 ක නියමිත මිල වෙනුවට රුපියල් මිලියන 16.925 ක විශේෂ වට්ටමක් යටතේ වාහනය ලබා දීමට නියමිතය. මෙය තහවුරු කිරීමට පාරිභෝගිකයන් විසින් අමතරව රුපියල් 200,000 ක මුදලක් ගෙවිය යුතු අතර, දෙසැම්බර් මාසයේ සිට බෙදාහැරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
පොලී සමඟ මුදල් ආපසු ගැනීම
අදාළ ඇනවුම ඉදිරියට ගෙන නොයෑමට තීරණය කරන්නේ නම්, ගෙවන ලද මුදලට අමතරව 10% ක පොලියක් ද සමඟ සම්පූර්ණ මුදල ආපසු ඉල්ලා සිටිය හැකිය. මෙම මුදල වැඩ කරන දින 3ක් තුළ ආපසු ගෙවන අතර, සියලුම මුදල් ආපසු ඉල්ලීම් ඔක්තෝබර් 10 වන දිනට හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය.
වෙන්කරවා ගැනීම එලෙසම තබා ගැනීම
මුලින් වෙන්කරවා ගත් BYD ATTO 3 මාදිලිය සඳහාම දිගටම රැඳී සිටීමට කැමති නම්, එම ඇනවුම් එලෙසම රඳවා තබා ගන්නා බවත්, එම මාදිලිය යළි ආනයනය කිරීමට හැකි වූ වහාම ඇනවුම ප්‍රමුඛතාවය මත බෙදාහරින බවත් සමාගම පවසා ඇත.

මෙම විකල්ප තුනෙන් එකක් වහාම සමාගමට දැනුම් දෙන ආකාරයට ඉල්ලා ඇති ජෝන් කීල්ස්, පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ සහයෝගය සඳහා ස්තූතිය පළ කර තිබෙන බව ද වාර්තා වේ.

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

එමෙන්ම BYD ATTO 3 වාහන තොගයක් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව සහ ජෝන් කීල්ස් සමාගම අතර මෝටර් රථයේ මෝටර් ධාරිතාව (Motor Capacity) ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මතභේදයක් ඇත.

වාහනය 100kW වශයෙන් ප්‍රකාශ කර තිබුණත්, එහි සවිකර ඇති මෝටරය 150kW ධාරිතාවකින් යුක්ත විය හැකි බවට රේගුව සැක පළ කර තිබෙනවා.

මෙම ධාරිතා වෙනස හේතුවෙන් රථයට අය කළ යුතු ආනයන බද්ද රුපියල් ඉහළ යා හැකි බවට වාර්තා පළව තිබෙනවා.

උසස් පෙළ ප්‍රායෝගික විභාග - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උසස් පෙළ ප්‍රායෝගික විභාග - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්