එළවළු මිල සීඝ්‍ර ලෙස පහළට.නව මිල ගණන් මෙන්න.

Sri Lanka Economic Crisis Sri Lanka
By Wayomi Sep 06, 2023 08:53 AM GMT
Wayomi

Wayomi

Report

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත් අද (06) දිනයේ ළවළු මිල විශාල වශයෙන් අඩු වි තිබුණත් අලෙවිය ඉතා අඩු මට්ටමක පවතින බවයි කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා කියා සිටියේ.

ඊට හේතු ලෙස ඔහු පේනවා දෙන්නේ, පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තුළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති වීම බවයි.

ඒ, අනුව අද දිනයේ කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝව රුපියල් 250යි, ලීක්ස් කිලෝව රුපියල් 100යි, තක්කාලි කිලෝව රුපියල් 100යි.

බීට් කිලෝව රුපියල් 100යි. මුරුංගා කිලෝව රුපියල් 80යි – 90යි, වට්ටක්කා කිලෝව රුපියල් 60 යි – 70 වැනි මිල ගණන් දක්වා අඩු වී තිබෙනවා.

ReeCha