ප්‍රමිතියෙන් තොරයි කියපු එන්නත් ආයෙත් ගන්නලූ...එතකොට ආයෙ ආසාත්මිකතා එන්නෙ නැද්ද?
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වන වෛද්‍ය චමල් සංජීව මහතා විසින් චෝදනාවක් සිදු කරන බව වාර්තා වේ.
ඒ වෛද්‍ය සැපයුම් ඒකකය මඟින්, ප්‍රමිතියෙන් තොර බව පවසමින් භාවිතයෙන් ඉවත් කළ ඉමියුනොග්ලොබියුලින් ඖෂධවලින් කොටසක් නැවත භාවිතයට ගන්නා ලෙසට රෝහල්වලට දැනුම් දී ඇති බව පවසමින්.
සංජීව මහතා මෙම චෝදනාව එල්ල කළේ අඩු මිලට ඖෂධ ගෙන්විය හැකි සැපයුම්කරුවන් ඖෂධ නියාමන අධිකාරිය තුළ ලියාපදිංචි කිරීම ප්‍රමාද කරමින් මිල වැඩි ලංසු තබන සමාගම්වලින් ඖෂධ ගෙන්වීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් දැමීමට පැමිණි අවස්ථාවේදී බව ද වාර්තා විය.
තත්ත්වය මෙසේ තිබිය දී අද දින නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කර ඇත්තේ ඖෂධයේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නැති බවයි.
තවද එම ඖෂධය යළි භාවිත කළ හැකි බවට නිර්දේශ කර ඇති බවත් එහි සඳහන්. මෙසේ මෙම ඖෂධය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් හට ගෙන ඇත්තේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත මෙරට භාවිතයේදී ඇති වූ ආසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් බව පවසයි.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?
එහි දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලටද චෝදනා එල්ල විය.
එසේම ඒ සම්බන්ධයෙන් ඔහුට රක්ෂිත බන්ධනාගාර ගත වීමට ද සිදුව තිබෙනවා.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා විසින් එවැනි තත්ත්වයක මෙම චෝදනාව සිදු කර ඇත.
එසේම අඳාළ ඖෂධයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ලියාපදිංචිය 2023 වසරේදි ලබාදී ඇති බවට ද මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කරයි.
එහි තවදුරටත් සඳහන්ව ඇත්තේ භාවිතයේදි ඇති වු ප්‍රශ්න කිහිපයක් පිළිබඳව ලද පැමිණිලිවලට අනුව කළ පර්යේෂණයකින් එම ඖෂධයේ තත්ත්වය පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් හටගත් බවයි.
එනිසා ආරක්ෂාව සහ අවධානම් ඇගයීම් උපකමිටුවෙන් ඖෂධය භාවිතයෙන් ඉවත්කරන ලෙසට වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් ඒ පිළිබඳ තවදුරටත් කළ පර්යේෂණවලින් අඳාළ ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුතු බවට පෙනී ගොස් ඇත.
තවද ඉන්දියාවේ මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන ආයතනයෙන් කළ පර්යේෂණවලින් ද ඒ බව තහවුරු වී ඇති බව සඳහන්.
ඒ අනුව එම වාර්තා සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආරක්ෂාව සහ අවධානම් ඇගයීම් උපකමිටුවෙන් අඳාළ ඖෂධය තවදුරටත් භාවිත කළ හැකි බවට තීරණය කර ඇත.
එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ඖෂධයේ තත්ත්වය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි.
එසේම එම ඖෂධය යළි භාවිත කළ හැකි බවට ද නිර්දේශ කර තිබෙන බවත් සඳහන්.
