ලාංකිකයන්ට තවත් සුබ ආරංචියක්, මේ රටට නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා
මාලදිවයින් රජයෙන් සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90කට on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් කර ඇත.
මෙම තීරණයට අනුව අඳාළ වීසා බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (29) දින සිට ක්‍රියාත්මක බව සඳහන්.
එසේම එම වීසා ලබා ගැනීම වෙනුවෙන් වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම පමණක් අවශ්‍ය වන බව ද සඳහන්.
එසේම මාලදිවයින් රජය ප්‍රකාශ කර ඇත්තේ මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතරවන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බවයි.
