මෙදා උත්තම සදාතුක දළදා කරඬුව වඩම්මන්න වාසනාව ලැබූ හස්තිරාජයා මෙන්න [PHOTOS]
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්සවශ්‍රීයෙන් අද (30) රාත්‍රියේ ආරම්භ වේ.
ඒ අනුව, පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රි 7.05ට ආරම්භ වන සුබ මොහොතේ වීථි සංචාරය සඳහා පිටත් වීමට නියමිතය.
ඇසළ පෙරහැර මංගල්ලේ සදාතුක කරඩුව වැඩම කිරීමේ භාග්‍ය නොකඩවා හිමි වූයේ රාජා හස්තියාටයි.
ඔහුගේ වියෝවෙන් පසු මෙවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දිරාජ මගුල් ඇතුට මෙම වාසනාව හිමි වී ඇති අතර දෑලේ ඇතුන් ලෙස ශ්‍රී දළදා මාලිගාව ඇත්පතියේ බුරුම රාජා සහ කෝට්ටේ රාජමහා විහාරයේ කෝට්ටේ රාජා යන ඇතුන් ගමන් කිරීමට නියමිතය.






