ඉන්දියාවෙන් ගන්න හදන ඩිජිටල් හැදුනුම්පතට එරෙහිව පෙත්සමක්

India Law and Order Latest Headlines Sinhala news
By Ashfa Jul 30, 2025 12:08 PM GMT
Ashfa

Ashfa

Report

මෙරට පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවට විවරණය කරමින්, එය අහෝසි කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සමාජ ක්‍රියාකාරිණියක් වන අමානි රිෂාඩ් හමිඩ් විසින් වන අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය සහ වෙනත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් 27ක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් නවීන් දිසානායක ජනාධිපති ධූරයට? දේශපාලනයේ නව පෙරළියක්

එක්සත් ජාතික පක්ෂයෙන් නවීන් දිසානායක ජනාධිපති ධූරයට? දේශපාලනයේ නව පෙරළියක්

නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මගින් ගොනු කළ මෙම පෙත්සමේදී සඳහන්වන්නේ, ශ්‍රී ලංකා රජය 2022 වසරේදී ඉන්දියානු රජය සමඟ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹී ඇති බවත්, 2024 ජනවාරි 27 සහ ජුනි 02 යන දිනයන්හිදී එය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීන්දු ලබාගෙන ඇති බවත්ය.

එම තීන්දු මහජනතාවට හෝ පාර්ලිමේන්තුවට නිසි දැනුම්දීමකින් තොරව ගෙන ඇති බවත්, මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඉන්දියාවට ලබාදීමේ අවදානමක් ඇති බවත් පෙත්සමේදී පැවසේ.

එමෙන්ම, මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකය හා ආරක්ෂාවට හානි වන අතර, විදේශීය බලවතුන්ට මෙරට අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමේ අවස්ථාවක් ලබාදෙන බවද පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව, ඉන්දියාව සමඟ අත්සන් කළ ඇති ගිවිසුම සහ එයට අදාල අමාත්‍ය මණ්ඩල තීන්දු අහෝසි කරන ලෙසත්, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය නවතා දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමේදී ඉල්ලා ඇත.  

ReeCha