හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රිමාන්ඩ්

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව එළඹෙන අගෝස්තු 13 වන දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

මාස 9කින් EPF නෑ - සජිත්

මාස 9කින් EPF නෑ - සජිත්

ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.

මින් පෙර අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අද දින එනම් 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

මෙසේ හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 28 වන දින අත්අඩංගුවට ගැනුණේ නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට සම්බන්ධවයි.

මේ අයට YouTube තහනම්

මේ අයට YouTube තහනම්