ජනපතිගේ තීන්දුවකට අනුව වත්මන් යුධ හමුදාපතිවරයාට සේවා දිගුවක්
වර්තමාන යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාට සේවය සඳහා වසරක දිගුවක් ලබා දී ඇති අතර, එය 2024 අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරන රොද්‍රිගෝ මහතා, 2023 දෙසැම්බර් 31 වැනිදා සිට ශ්‍රී ලංකාවේ 25 වැනි යුද හමුදාපති ලෙස රාජකාරි ආරම්භ කළේය.
එමට පෙර ඔහු යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර ඇත.
කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා, 1989 ජනවාරි 20 වැනිදා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එකතුවිය.