"මැල්කම් රංජිත් පියතුමන් පාස්කු ප්‍රහාරයට ජිනීවා දක්වා ගියා හැබැයි චෙම්මනි මිනීවල ගැන කතා කරන්නෑ මේකයි ජාතිවාදේ " - පුජක ශක්තිවෙල්

Report

චෙම්මනි සමූහ මිනීවල ශ්‍රී ලංකාවේ සිදු වූ ජන සංහාරයට සාක්ෂියක් බව කතෝලික පුජක මා.සත්තිවෙල් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

එය තහවුරු කරන සත්‍ය සාක්ෂි රාශියක් සොයාගෙන ඇති බවත්, අරුණෝද මූලිකවීමේ ජාතික සංවිධානයේ සම්බන්ධීකාරක වන මා.සත්තිවෙල් මහතා පවසයි.

ඔහු 2025 ජූලි 29 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් මේ බව කියා සිටියේය.

"විෂය මාලාවේ විතරක් නෙමෙයි තවත් වෙනස්කම් ගොඩක්" අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අගමැතිනියගෙන් කරුණු රැසක් එළියට

"විෂය මාලාවේ විතරක් නෙමෙයි තවත් වෙනස්කම් ගොඩක්" අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අගමැතිනියගෙන් කරුණු රැසක් එළියට

ඔහු තවදුරටත් පැවසුවේ,

සෑම සත්ත්වයෙකුම නිරෝගීව ජීවත් විය යුතු අතර, ජීවය, නිදහස, සාමය සහ පරිසරය ආරක්ෂා කරමින් මිනිසා ජීවත් විය යුතුය. ඒ සඳහාම බුදුන් වහන්සේ ද, ජේසුස් වහන්සේ ද සමාජය තුළ සාමය හා යුක්තිය පිලිබඳ දර්ශනයන් සිදු කළහ.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

ඔහු අනාවරණය කළේ, චෙම්මනියේ සොයාගත් මනුෂ්‍ය අස්ථි අතර ළදරුවන්, දරුවන්, පිරිමින්, සහ කාන්තා අස්ථි තිබෙන බවයි. ළදරුවන් භාවිත කළ කිරි බෝතල්, පාසල් පොත් බෑග් ආදිය හමුවීමද ඔහු මතක් කර සිටියේය.

මේවා ජන සංහාරයක සත්‍ය සාක්ෂියක් බවත් ඔහු පැවසුවේය. පැරණි නඩුවක, ක්‍රිෂාන්ති කුමාරසාමිගේ ඝාතනය සම්බන්ධයෙන් දූෂණ විමර්ශකයෙකු වූ සෝමරත්න රාජපක්ෂ විසින් පවසා ඇති කරුණු ද මෙයට හොදම සාක්ෂි බවයි.

සංඝයන්ගේ හා ආගමික නායකයන්ගේ නිශ්ශබ්දතාවය පිලිබදවත් ඔහු අදහස් පළ කළේය. අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් පසුගිය දිනවලදී සමලිංගික විවාහයන්ට විරුද්ධත්වය ප්‍රකාශ කළා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට සාධාරණය ඉල්ලා ජිනීවා දක්වා ගියා.

නමුත් චෙම්මිනි මිනී වල සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා ලෙස හැසිරෙන බවත් ආගමික අංශ වල ජාතිවාදී ස්වභාවය හා සාධාරණ නොවන නිශ්ශබ්දතාවය පෙන්වා දෙයි.

ඔහු අවසන් වශයෙන් අවධාරණය කරන්නේ, "ආගමික ආයතන සහ නායකයන් විසින් පවත්වාගෙන යන මෙම නිශ්ශබ්දතාවය ජාතිවාදී ක්‍රමයකි.

නමුත් සත්‍යය හා සාධාරණය උදෙසා ජනතාවගේ හඬ නැගිය යුතුය. එයයි සැබෑ දේව නීතිය."