වැඩිපුර රුසියාව එක්ක ගනුදෙනු කරාට ට්‍රම්ප් ඉන්දියාවට ලොකුම බද්දක් ගහයි

Report

ඉන්දියාව ඇමරිකාවේ ඉතා සමීප මිතුරෙක් වුවද ට්‍රම්ප් ඉන්දියාව වෙනුවෙන් සියයට 25ක තීරු බද්දක් නියම කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අගෝස්තු 01 වනදා සිට මෙම නව බදු අනුපාතය බලපැවැත්වෙන අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනය කර ඇත.

තවද ඉන්දියාව, රුසියාවේ විශාල වශයෙන් වෙළෙඳ ගනුදෙනුවල නිරතවීම ද ඉන්දියාවට මෙලෙස දණ්ඩන තීරුබදු අනුපාතිකයක් පැනවීමට හේතු වී ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එසේම ඉන්දියාව මිලදීගෙන ඇති යුද උපකරණවලින් අතිමහත් මිලදීගෙන ඇත්තේද රුසියාවෙන් බව ට්‍රම්ප් පවසයි.

මෙම සියලු කරුණු පදනම් කරගනිමින් අමෙරිකාව විසින් මෙලෙස ඉන්දියාවෙන් 25%ක තීරු බදු ප්‍රතිශතයක් අයකිරීමට තීරණය කර තිබේ.