මේ අයගේ වීසා තහනම් කිරීමට පියවර

Report

ට්‍රම්ප් පරිපාලනය මඟින් අමෙරිකානු පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස (Free Speech) වාරණය කිරීමේ කටයුතුවලට සම්බන්ධ වූ හෝ එයට සහාය දුන් විදේශිකයන්ට වීසා නිකුත් කිරීම විධිමත් ලෙස තහනම් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම සතියේ විදේශ දූත මණ්ඩල වෙත යවන ලද රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝගයකින් "අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂිත ප්‍රකාශන වාරණය කිරීම හෝ වාරණයට තැත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු හෝ ඊට හවුල් වූ" ඕනෑම අයදුම්කරුවෙකුට වීසා ප්‍රතික්ෂේප කරන මෙන් කොන්සියුලර් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ අඳාළ නියෝගය යටතේ, අයදුම්කරුවන් "වැරදි තොරතුරු, අන්තර්ගතය විමසීම, කරුණු පරීක්ෂා කිරීම, අනුකූලතාව සහ මාර්ගගත ආරක්ෂාව ඇතුළු කටයුතුවල නිරත වී ඇත්දැයි බැලීමට විශේෂ පරීක්ෂාවකට" ලක් කළ යුතු බවයි.

ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට

ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට

ඒ අනුව මෙය මුලින්ම H-1B වීසා අයදුම්කරුවන් (තාක්ෂණික ඇතුළු ඉහළ නිපුණතා සහිත විදේශ සේවකයින්ට ලබා දෙන වීසා) ඉලක්ක කර ගත්තත් මෙය සියලුම වීසා අයදුම්පත් සඳහා අදාළ වෙන බවට විදෙස් මාධ්‍ය දක්වයි.

එසේම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අයදුම්කරුවෙකුගේ LinkedIn සහ වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් පිරික්සීම මෙන්ම මාධ්‍ය ලිපිවල ඇති සඳහන් කිරීම් පරීක්ෂා කිරීම ඇතුළු ඔවුන්ගේ රැකියා ඉතිහාසය දැඩි සේ පරීක්ෂා කළ යුතු වේ.

ඒ අනුව යම් පුද්ගලයෙක් වාරණ ක්‍රියාවන්හි නිරත වූ බවට සාක්ෂි මතුවුවහොත්, අයදුම්කරු වීසා සඳහා නුසුදුසු බවට තීරණයක් ගත යුතු වේ.

අඳාළ ක්‍රියාව "විශ්වාසය සහ ආරක්ෂාව (Trust and Safety)" පිළිබඳ කාර්යයන් "වාරණය" වශයෙන් අර්ථ දැක්වීම සම්බන්ධයෙන් අමෙරිකාවේ තාක්ෂණික සමාගම්වල විවේචන ද එල්ල වී ඇති බව සඳහන්.

බස් වල යනවද ප්‍රවාහන සේවයට මේකයි වෙන්නේ

බස් වල යනවද ප්‍රවාහන සේවයට මේකයි වෙන්නේ

PartnerHero හි උප සභාපති ඇලිස් ගෝගුන් හන්ස්බර්ගර් පෙන්වා දී ඇත්තේ ළමා අපචාර වැළැක්වීම, වංචා සහ තර්ජන නැවැත්වීම වැනි ජීවිතාරක්ෂක කටයුතු ද විශ්වාසය සහ ආරක්ෂාව යටතට වැටෙන බවයි.

මේ අතර රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මැයි මාසයේදී සඳහන් කර ඇත්තේ "අමෙරිකානු පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට හානි කිරීමට කටයුතු කරන විදේශිකයන්ට අපේ රටට සංචාරය කිරීමේ වරප්‍රසාදය හිමි නොවිය යුතු" බවයි.

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වලට රතු නිවේදන - අද වහාම ඉවත්කිරීමට දැනුම්දීමක්

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වලට රතු නිවේදන - අද වහාම ඉවත්කිරීමට දැනුම්දීමක්