මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වලට රතු නිවේදන - අද වහාම ඉවත්කිරීමට දැනුම්දීමක්

Report

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවත් වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කරන ලද රතු නිවේදනවලට අනුව මෙම දැනුම් දීම සිදුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හඳුනාගත් අවදානම් සහිත ස්ථාන සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.

එම ස්ථානවල සිටින ජනතාව දෙසැම්බර් මස 9 වනදින සිට 19 වන දින දක්වා කාලය තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

රටම බයෙන් හිටපු අද සහ හෙට අනිද්දා ගැන මෙන්න විශේෂ නිවේදනයක්

රටම බයෙන් හිටපු අද සහ හෙට අනිද්දා ගැන මෙන්න විශේෂ නිවේදනයක්

මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, ශ්‍රී ලංකා පොලීසිය හා වෙනත් අදාළ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධීකරණෙයන් මෙම ඉවත්කිරීමේ කටයුතු සිදුකරන ලෙසයි.

ඒ අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ප්‍රදේශ පහතින්,

මහනුවර දිස්ත්‍රික්කය -

හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාගේකෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟඉහළකෝරළේ, පන්විල, ගඟවටකෝරළේ, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර හා පාතදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය -

කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරනායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොළ

කුරුණෑගල දිස්ත්‍රික්ක -

මාවතගම, මල්ලවපිටිය, රිදීගම

අද 1න් පස්සේ මි.මී 100ට වැඩි ගිගුරුම් සහිත වැසි

අද 1න් පස්සේ මි.මී 100ට වැඩි ගිගුරුම් සහිත වැසි

මාතලේ දිස්ත්‍රික්කය -

නාඋල, විල්ගමුව, පල්ලෙපොළ, අඹන්ගඟකෝරළේ, ලග්ගල, පල්ලෙගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත

මේ අතර දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීම නිසා අද (09) දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා කියා සිටියේ මෙම වැසි තත්ත්වය ලබන 19 වන දින දක්වා පැවතිය හැකි බවයි.

අද රෑට ආයෙත් වැස්ස වැඩියි - විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

අද රෑට ආයෙත් වැස්ස වැඩියි - විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක්