කොළඹ වරායට අමුත්තෙක්
අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Fitzgerald (DDG-62) නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.
මෙරට නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගෙන තිබෙන බවට වාර්තා වේ.
ඊයේ උදෑසන කොළඹ වරායට පැමිණි මෙම නෞකාව, දිගින් මීටර් 154කින් යුක්ත වන බව වාර්තාවේ. එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කමාණ්ඩර් පෝල් රිචඩ්සන් කටයුතු කරනු ලබන අතර, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව සඳහන් වේ.