ඉන්ධන පිරවුම් අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටේ - හමුදාවෙන් නිවේදනයක්
By Kaushi
අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටී ඇති බව ඇමරිකානු හමුදාව තහවුරු කර ඇත.
ඒ අනුව ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ "සිද්ධියකින්" පසුව මෙම KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානය කඩා වැටී ඇත.
එසේම හමුදාව සඳහන් කළේ ඊට "සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර පාර්ශ්වයකින් සිදුවූ ප්‍රහාරයක්" සම්බන්ධ නොවන බවයි.
එමෙන්ම අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (US Central Command) කියා ඇත්තේ බටහිර ඉරාකයේ, හමුදාව විසින් "මිත්‍රශීලී ගුවන් කලාපයක්" (friendly airspace) ලෙස විස්තර කරන ප්‍රදේශයක "ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින" බවයි.
අඳාළ නිවේදනයේ මෙම සිද්ධියට සම්බන්ධ වූ දෙවන ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.