උත්සන්න වෙමින් පවතින යුද තත්ත්වය ගැන ඉන්දියාව කනස්සල්ලෙන් - හදිසියෙම ඉන්දීය අගමැති හා ඉරාන ජනාධිපති අතර දුරකථන සංවාදයක්
මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති මසූද් පෙෂෙෂ්කියාන් අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව සිය නිල 'X' ගිණුමෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි දක්වා ඇත්තේ, කලාපය තුළ ආතතීන් ඉහළ යාම සහ සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ල පළ කරන බවයි.
එමෙන්ම සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාවේ පවතින කැපවීම නැවත අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, ගැටුම් නිරාකරණය කර ගැනීමට කඩිනමින් සංවාද සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග වෙත යොමු වන මෙන් ඉරාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව එහි දැක්වේ.
අඳාළ සාකච්ඡාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, මැදපෙරදිග කලාපයේ වෙසෙන ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තම රජයේ ප්‍රමුඛතාව බව අවධාරණය කර ඇත.
තවද ජාත්‍යන්තර වෙළඳාමට සහ බලශක්ති සැපයුමට බාධාවකින් තොරව බඩු භාණ්ඩ ප්‍රවාහනය (unhindered transit) පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද ඔහු පෙන්වා දී ඇති බව සඳහන්.