ආරක්ෂක තත්ත්වය මත නිවේදනයක් - මාර්තු 6 වෙනකල් පාකිස්ථානය තුළ සියලුම වීසා සම්මුඛ පරීක්ෂණ අවලංගුයි
රට තුළ පවතින "වත්මන් ආරක්ෂක තත්ත්වය" සැලකිල්ලට ගනිමින් ඉස්ලාමාබාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සියලුම වීසා සම්මුඛ පරීක්ෂණ (appointments) අවලංගු කරන බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අමෙරිකානු තානාපති කාර්යාලයට අනුව, මෙම නියෝගය ඉස්ලාමාබාද්හි ප්‍රධාන තානාපති කාර්යාලයට මෙන්ම ලාහෝර් සහ කරච්චි යන නගරවල පිහිටි කොන්සියුලර් කාර්යාලවලට ද අදාළ වන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.
එසේම මෙම අවලංගු කිරීම මාර්තු 6 වැනි සිකුරාදා තෙක් බලාත්මක වන බව දැක්වේ.