ජාත්‍යන්තර උණුසුම උණුසුම් වෙද්දී රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

Report

මැදපෙරදිග කලාපයේ පවතින තීව්‍ර ගැටුම් හමුවේ කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාව සක්‍රීය මැදිහත්වීමක් සිදුකිරීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තහවුරු කර තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග පුරා මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ බරපතල අවදානමක් පවතින බවත් ඔහු අනතුරු අඟවා ඇත.

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

ඊයේ (01) ගල්ෆ් කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයින් සිව්දෙනෙකු සමඟ දුරකථන සාකච්ඡාවල නිරත වෙමින් ජනාධිපති පුටින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව ක්‍රෙම්ලිනය නිකුත් කළ නිල ප්‍රකාශයක සඳහන් වේ. එම නායකයින් අතර සවුදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු, එක්සත් අරාබි එමිරේට්ස්හි මොහොමඩ් බින් සයිඩ් අල් නහ්යාන් කුමරු, බහරේන්හි සල්මාන් බින් හමඩ් අල් ඛලීෆා කුමරු සහ කුවේට්හි මෙෂාල් අල්-අහමඩ් අල්-ජාබර් අල්-සබාහ් කුමරු ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

සවුදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රෙම්ලිනය නිකුත් කළ ප්‍රකාශයකට අනුව, දැනටමත් ඉරානය, ලෙබනනය, යේමනය ඇතුළු අරාබි රටවල් කිහිපයකට බලපා ඇති මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වුවහොත් දරුණු විපාක ඇති විය හැකි බව අවධාරණය කර ඇත. "මැදපෙරදිග ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා රුසියාව සියලුම අවශ්‍ය පියවර ගන්නා බවත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළදී මෙම තත්ත්වය සම්බන්ධයෙන් සක්‍රීයව මැදිහත් වීමට සූදානම් බවත්" පුටින් මහතා ප්‍රකාශ කර තිබේ.

අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ ඝාතනයට ලක්වෙයි

අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ ඝාතනයට ලක්වෙයි