ගුවන් ගමන් 8,000ක් අවලංගු කර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - භයානක අනතුරු ඇඟවීමක්
By Kaushi
හිම කුණාටු අවදානම නිසා අමෙරිකාවේ ගුවන් ගමන් 8,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව හිම කුණාටුවෙන් පුද්ගලයින් මිලියන 140කට පමණ බලපෑම් එල්ල විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව සඳහන්.
එසේම පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එසේ වුවත් එරට බලධාරීන් සඳහන් කරන්නේ හිම කුණාටුවත් සමඟ ඉදිරි සතිය තුළ අමෙරිකාවේ සමස්ත ජනගහනයෙන් අඩකට පමණ අධික ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල විය හැකි බවයි.