මේ ගුවන් ගමන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
ඊශ්‍රායලය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් රැසකට යන ගුවන් ගමන් ඊයේ (23) රාත්‍රී සිට වහාම අවලංගු කිරීමට Air France, British Airways, Lufthansa සහ KLM වැනි ප්‍රධාන බටහිර ගුවන් සමාගම් පියවර ගෙන ඇත.
විශේෂයෙන් ඊශ්‍රායලයට අමතරව ඩුබායි, අබුඩාබි, රියාද් සහ කටාර් වෙත සියලුම රාත්‍රී ගුවන් ගමන් අවලංගු කර තිබේ.
ඊශ්‍රායලයට යන ගමන් දහවල් කාලයට පමණක් සීමා කර ඇති අතර, ඉරාන සහ ඉරාක ගුවන් සීමාවන් භාවිතයෙන් පියවර ගෙන සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත.
United Airlines සහ Air Canada සමාගම් ද ටෙල් අවිව් වෙත සිය සේවාවන් අත්හිටුවීමට තීරණය කර ඇත.
මෙම හදිසි අත්හිටුවීම්වල ප්‍රධාන හේතුව වන්නේ මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය වේගයෙන් පිරිහීමයි. විශේෂයෙන්, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සෘජු යුධ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ලැබී ඇති බුද්ධි තොරතුරු මෙම තීරණය ගැනීමට ප්‍රධාන බලපෑමක් වී ඇත.