වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 7ක් ජීවිතක්ෂයට 25ට තුවාල

Report

වයඹදිග පාකිස්ථානයේ ඩෙරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ ඇෆ්ගන් දේශසීමාව අසල මංගල උත්සවයකදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව අද වන විට 07ක් දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණේ මංගල උත්සවයක් අතරතුර, සාම කමිටු සාමාජිකයින් රැඳී සිටි ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්.

මෙම සාම කමිටු ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඉස්ලාමාබාද් රජයේ සහය ඇතිව ප්‍රදේශවාසීන් සහ වැඩිහිටියන්ගෙන් පිහිටුවා ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් 25 දෙනකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. එසේම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව සඳහන්.

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

කෙසේ වුවත් ඇෆ්ගන් දේශසීමාවේ දෙපසම ක්‍රියාත්මක වන පාකිස්ථාන තලෙයිබාන් (TTP) සංවිධානය මඟින් සාම කමිටු සාමාජිකයන් 'ද්‍රෝහීන්' වශයෙන් හඳුන්ව‍යි.

පාකිස්ථාන තලෙයිබාන් යනු 1997 වසරේ සිට රජයට විරුද්ධව සටන් කරන සුන්නි සටන්කාමී කණ්ඩායම් කිහිපයක එකතුවක් බව සඳහන්.

ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ වන්නේ පාකිස්ථානයේ පාලන ක්‍රමය වෙනුවට දැඩි ඉස්ලාමීය නීති පද්ධතියක් ස්ථාපිත කිරීම බව වාර්තා වේ.

කෙසේ වෙතත් පාකිස්ථාන රජය චෝදනා කරන්නේ ඇෆ්ගන් තලෙයිබාන් පාලනය විසින් මෙම සටන්කාමී කණ්ඩායමට ඇෆ්ගනිස්ථානයේ සිට ප්‍රහාර සැලසුම් කිරීමට ඉඩ ලබා දෙන බවයි.

බස් දෙකක් ගැටී දරුණු අනතුරක්

බස් දෙකක් ගැටී දරුණු අනතුරක්

එසේ වුවත් කාබුල් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඔවුන් සඳහන් කරන්නේ මෙය පකිස්ථානයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවයි.

එමෙන්ම පකිස්ථානය මේ වන විට එල්ල වෙමින් පවතින සටන්කාමී ප්‍රහාර රැල්ල පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවත් වාර්තා වේ.

ශ්‍රී පාදයේ ගිය පිරිසකට වුණ දේ - 6ක් රෝහලේ

ශ්‍රී පාදයේ ගිය පිරිසකට වුණ දේ - 6ක් රෝහලේ