UNP - SJB එකතු වෙන්න එකඟතාවයට එළඹෙයි
2025 පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂය බහුතර බලය හිමිකර ගත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා, එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය (SJB) අනෙකුත් විපක්ෂ පාර්ශ්වයන් සමඟ සන්ධානයකට එකඟ වී ඇත.
අද (19) UNP සහ SJB අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට එළැඹ ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් UNP මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ SJB මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය පහතින්.
