පේරාදෙණිය සරසවියට නව කුලපතිවරයෙක් පත් කෙරේ..!

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබෙනවා. ඔහු අද (06) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

1960 වසරේ දී ප්‍රථම පන්තියේ සමාර්ථයක් සහිතව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් ජී.එච්. පීරිස් මහතා 1965 වසරේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා තිබෙනවා.

සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පළමු පත්වීම ලද ඔහු වසර 44ක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති අතර ලොව විවිධ රටවල සිදුවන දේශපාලන වෙනස්කම් පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙක් ද වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now