රාජපක්ෂ යුගයේ පාතාල රටෙනුත් පළා ගිහින් හැංගුනේ.. දැන් ගෙදරටම ඇවිත් මිනී මරනවා

Report

රාජපක්ෂවරුන්ගේ පාලන කාලයේදී පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වමින් ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කළේ වත්මන් ආණ්ඩුවේ නායකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

“අපි දුටුවා බිමල් රත්නායක මන්ත්‍රීතුමා පාතාලය මෙහෙයවූ පුද්ගලයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. බිමල් රත්නායක මන්ත්‍රීතුමනි, රාජපක්ෂවරුන්ගේ යුගයේදී තමයි පාතාල නායකයන් මේ රට හැර ගොස් පලා ගියේ. රාජපක්ෂවරුන්ගේ යුගයේදී තමයි ශ්‍රී ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් නතර වුණේ. මේ රටේ ජනතාවට මතකයි.

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි

මේ රටේ ජනතාව දන්නවා රාජපක්ෂවරුන්ගේ යුගයේදී පාතාල සාමාජිකයන් ආයුධ පෙන්වමින් ගෙන යද්දී වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කරමින් උද්ඝෝෂණ කළේ, හඬ නැගුවේ ඔබලාම බව, වෙන කිසිවෙකු නොවේ. ඒ නිසා, ඔබලාගේ ආණ්ඩුව යටතේ, බිමල් රත්නායක මහතා සභානායක ධුරය හා ඇමති ධුරයක් දරන ආණ්ඩුව යටතේ, පාතාලය දිනෙන් දින මහමග, නිවෙස්වලට පැමිණ, පොලිසිය ඉදිරිපිටදී ඝාතන සිදු කරමින්, වෙඩි තබමින් යන තත්ත්වයකට පත්ව තිබෙනවා.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මෙවැනි පාතාල ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාර ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවයි.”

ෆින්ලන්ත මන්ත්‍රීවරයෙකුගේ දේහය පාර්ලිමේන්තුව තුළදී හමුවෙයි - පරීක්ෂණ ඇරඹේ

ෆින්ලන්ත මන්ත්‍රීවරයෙකුගේ දේහය පාර්ලිමේන්තුව තුළදී හමුවෙයි - පරීක්ෂණ ඇරඹේ